Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මම ඊයෙ සති හතයි දවස් හයෙන් ආවා ඩොක්ටර් ලගට චැනල් එකකට.ඒකෙදි කිව්වා බබාගේ හාට්බීට් එක පෙන්නන් නෑ කියල තවම.අද මට පොඩ්ඩක් බ්ලීඩ් වෙනව ඩොක්ටර්.මන් රාගම හොස්පිටල් එකට ඇවිත් ඇඩ්මිට් වෙන්නද?මට මීට කලිනුත් සති හතෙන් මිස්කැරේජ් එකක් උනා.

අසන ලද්දේ: ****

සති 7දී හෘද ස්පන්දනය නොපෙනීම පමණින් ගබ්සාවක් කියල තීරණය කරන්න බැහැ. සතියක් දෙකක් ඇතුලත නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි. රුධිර වහනය වැඩි වුණොත් හෝ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.