Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහළින් තියෙද්දී විටින් විට ලේ පොඩ්ඩක් යෑම සාමාන්‍යද?

Is light spotting on and off normal with a low-lying placenta?

Doctor mata dan sathi 16i.mata sathi 12 idan wage poddak bleed una.scan karama placenta eka pahalin thiyenne kiwa.mata saren sare idala hitala poddak bleed wenwa.eka ehema wenna puluwan kiyala mage vog sir kiwa.eka samanyada doctor?

අසන ලද්දේ: Sh*** · වයස 29

ඔව්. වැදෑමහ පහතින් පිහිටන විට විටින් විට සුළු රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. ගර්භාෂය විශාල වෙන විට බොහෝවිට වැදෑමහ ඉහලට යන නිසා සති 20දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණයකින් එය තහවුරු කර ගන්න පුළුවන්. ඒ අතර ලිංගික එක්වීමෙන් වැලකී සිටින්න. රුධිර වහනය නැවත ඇති වුණොත් හෝ වැඩි වුණොත් වහාම රෝහලට යන්න.