Doctor,මං විදේශ ගත වෙලා ඉන්න කෙනක්.මට මීට අවුරුදු 3 කට කලින් බබෙක් ලැබෙන්න ඉදලා නැති උනා.මගේ ලේ වර්ගය (O-),මගේ මහත්තයගේ ලේ වර්ගය (O+)බබා නැති උනාට රෝගම් බෙහෙත් එක විද්දේ නැහැ.මං පස්සෙ ගිහින් ඇහුවාම කිව්වා සති 6න් බෙහෙත් එක විදින්න නෑ කියල.බබා නැති උනාට පස්සෙ ඉදන් ඇගත් පොඩ්ඩක් මහත් උනා.දැන් අවුරුද්දක වගේ ඉදන් අපි බබෙක්ට tryකරල pregnant උනේ නැති නිසා බෙහෙත් ගන්න ගියා.ඩිම්බ මෝරන්න බෙහෙත් දුන්නා.iui 2 පාරක් කලා.ඒත් හරි ගියේ නෑ.අනේ doctorඇයි එහෙම වෙන්නේ.ලේ වල ප්රශ්නෙ නිසාද?මන් මොකක්ද කරන්න ඕන ප්රතිකාර.පිලිතුරක් ලබා දෙන්න
නැහැ. රුධිර වර්ගය නිසා ගැබ් ගැනීම ප්රමාද වෙන්නෙ නැහැ. ඩිම්බ මේරීමට ඖෂධ සහ IUI දෙවරක් අසාර්ථක වී ඇති නිසා සැමියාගේ ශුක්ර තරල පරීක්ෂණය සහ පැලෝපීය නාල අවහිර වී ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. සිරුරේ බර වැඩි නම් එය අඩු කර ගැනීම වැදගත්. එක වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ. ඔබ සිටින රටේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?