Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයේ ගෙඩිය සැත්කමෙන් අයින් කළාට පසු දරුවෙක් ලැබෙනවද?

Can you still have a baby after surgery to remove a fibroid?

මට ගිය අවුරුද්දෙ අගොස්තුවේදී බබේක් ලැබෙන්න්න වුන්නා මාසේන් ගබිසා වුනා.දැන් තවම ආයේ ගැබ්ගත්තේ නැහැ.මාගේ ගර්භසයේ ගෙඩියක් තියේනවාලු.එකට සැත්කමක් කරන්න ඔනාලු.සැත්කමක් කරොත් මට දරැවෙක් ලැබෙයිද?නැත්නම් දරැපල අහිමි වෙියිද? මාගේ ඔසප් චකූය 28 දවස් හැදෙයිමම ලංකාවෙි බලද්දි ගෙඩි මුකුත් නැහැ කිව්වා.ඩිම්බ මොරන්නේ නැහැ කව්වා.එකට බෙහෙත් කරා.එක හරි ගියා.එත් මාස 5 විතර පසසේ.මට ලැබේන්න වුන්නෙ.එතකොට බෙහෙත් මුකුත් ගනිමින් වුන්නේ නැහැ

අසන ලද්දේ: ****

ගර්භාෂයේ ගෙඩි නිසා සැම විටම ගැබ් ගැනීමට බාධා වෙන්නෙ නැහැ. ගැබ් ගැනීම ප්‍රමාද වෙනව නම් හෝ ගෙඩිය ගර්භාෂය ඇතුලත පිහිටා ඇත්නම් පමණක් එය සැත්කමකින් ඉවත් කිරීම සුදුසුයි. සැත්කම නිසා බොහෝවිට දරු ඵල අහිමි වෙන්නෙ නැහැ. නමුත් ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් ඉවත් කලොත් ඉන් පසු ගැබ් ගැනීමට අවුරුද්දක් පමණ සිටිය යුතුයි. ගෙඩියේ ප්‍රමාණය සහ පිහිටීම දැන ගෙන ඔබේ වෛද්‍ය වරයා සමග මේ ගැන සාකච්ඡා කරන්න.