Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මන් මුත්‍රා සම්පල් එකකින් ගැබ් ගෙන ඇති බව දැන ගත්තා.මගේ අන්තිම ඔසප් දිනය නොවැම්බර් 24 ඩොක්ටර්. ස්කෑන් එකක් කරාම ඩොක්ටර් මට බලලා කිවුවා සති 8ක පෙනුමක් නෑ කියලා තාම ගොඩක් පුංචී කිවුවා ගොඩක් දුරට ABOSHION එකක් වෙන්නත් පුලුවන් කිවුවා .ඩොක්ටර් මට Duphaston 10mg බෙහෙත් එක දවසට දෙපාරක් නිර්දේශ කරා.මට මේ තත්ත්වය පැහැදිලි කරන්න ඩොක්ටර් මට මේ බෙහෙත නිර්දේශ කරන්නට හේතුව කුමක්ද ?

අසන ලද්දේ: LA*** · වයස 25

එක් ස්කෑන් පරීක්ෂණයකින් ගබ්සාවක් බව තීරණය කරන්න බැහැ. සමහර විට ඩිම්බ පිටවීම ප්‍රමාද වීම නිසා දරු ගැබ කුඩා වෙන්න පුළුවන්. සති දෙකකින් පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කර මෙය දැන ගන්න පුළුවන්. Duphaston ලබා දෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය මගින් දරු ගැබ රැක ගැනීමට. ඉන් හානියක් නැහැ.