සැමියාගේ බෙහෙත් ඉවර වෙනකම් ඩිම්බ මෝරන බෙහෙත් නවත්වන්න ඕනෙද?
Should I stop ovulation tablets till my husband's treatment ends?
මට ඩිම්බ මෝරන්නෙ නැති ගගැටලුවක් තියෙනවා කියලා scan එක බලලා doctor කීවා.ඩිම්බ මෝරන බෙහෙත් දුන්නා.ඒ එක්කම මහත නිසා metfomin පෙත්තත් ගන්න කීවා.මහත්තයටත් ශුක්‍රානු වල වෙගය මදි කියලා මාස හයක් ගන්න tablet එකක් දුන්නා.අපි දෙන්නම බෙහෙත් මාසයක් බීවා ඒත් සාර්තක ප්‍රතිපලයක් ලැබුනෙ නෑ.ඒ නිසා මහත්තයත් මාස 6ක් බෙහෙත් බීවම මම ආයෙමත් ඩිම්බ මෝරන බෙහෙත් ගන්නද doctor ?
ඩිම්බ මේරීමට ඖෂධ ගැනීම සැමියාගේ ප්‍රතිකාර අවසන් වෙන තුරු නතර කිරීමට අවශ්‍ය නැහැ. නමුත් මෙම ඖෂධ ගත යුත්තේ ස්කෑන් පරීක්ෂණ මගින් ඩිම්බ මේරීම සොයා බලමින් වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණයි. ශුක්‍රාණු වල ක්‍රියාකාරිත්වය පෙති මගින් වැඩි කර ගැනීම අපහසුයි. මාස තුනකින් නැවත ශුක්‍ර තරල පරීක්ෂණයක් කර බලා ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?