Skip to main content
ප්‍රශ්නය

මන් ලන්ඩන් වල ජිවත් වෙන එක්දරු මවක් මගෙ මන් කරපු බයොප්සි ටෙස්ට් එකෙන් මගෙ රිපොර්ට් එක cin3 high grade වල් තියෙනව මට මෙ රටෙ මගෙ ගර්බාශය සම්පුර්ණ ඉවත් කරගන්න ඔනෙ උනත් එයාල එක කරන්නෙ නැහැ එව්ව remove කරල ටෙස්ට් වලට යවන එක විතරයි කරන්නෙ මට දනගන්න ඔනෙ මන් ලන්කාවට ආවොත් එක මට ලන්කාවෙන් කරගන්න පුලුවන්ද කියලා

අසන ලද්දේ: sh*** · වයස 39

ගර්භාෂය ඉවත් කිරීම මේ සඳහා අත්‍යවශ්‍ය නැහැ. CIN3 පූර්ව පිළිකා තත්වයක්. ගැබ් ගෙලේ අසාමාන්‍ය සෛල ඇති කොටස පමණක් ඉවත් කර පරීක්ෂා කිරීම තමයි නිවැරදි ප්‍රතිකාරය. ඔබ සිටින රටේ වෛද්‍ය වරුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්න.