Skip to main content
ප්‍රශ්නය

සති 5දී ස්කෑන් එකේ වතුර බෑග් විතරයි, ලේත් යනවා, ප්‍රශ්නයක්ද?

Only a water bag on the 5-week scan and bleeding – is that OK?

doctor mage stip positive urine postive eth srip balapu dawase idan kalu patata bleed wenawa egata kisi wenasak ne mata bayai doctor me aurudu 5kata pass vog kenek meet una woter bag eka vitharak podiyata penawa kiuwa mata den sathi 5k wage

අසන ලද්දේ: Ni*** · වයස 32

සති 5දී ස්කෑන් පරීක්ෂණයෙන් කුඩා කෝෂයක් පමණක් පෙනීම සාමාන්‍ය තත්වයක්. මුල් මාස වල සුළු රුධිර වහනයක් බහුලව ඇති වෙන අතර ස්කෑන් සාමාන්‍ය නම් ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. සති එකක් දෙකකින් නැවත ස්කෑන් කර බලන්න. රුධිර වහනය වැඩි වුණොත් හෝ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.