මව් කුස තුල දරුවෙකු ජීවත් වෙන්නෙ තරලයෙන් පිරුණු අවකාශකයකයි. මෙම තරලය කලලාවාරික තරලය නැති නම් amniotic fluid ලෙස හඳුන්වනව. ගර්භාෂය අතුලත මෙම තරලය තිබෙන්නෙ කලලාවාරික පටල වලින් ආවරණය වන ලෙසයි. මෙම පටල ගැබ් ගෙලත් ආවරණය කරන නිසා සාමාන්‍යයනේ තරලය පිටතට පැමිනේනෙ නැහැ.
දරුවා ඇම්නියෝටික් තරලය ලෙස හඳුන්වන මෙම තරලය තුල සිටින නිසා බාහිරින් සිදු වෙන වන ගැස්සීම් හා කම්පනයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනව. එසේම දරුවාගේ චලනයන් වලට, නිදහසේ වර්ධනය වීමට, විශේෂයෙන් පෙනහලූ වල වර්ධනයට උපකාරී වෙනව. මෙම දියරය තුළ වැඩෙන දරුවා මෙම තරලය පානය කරන අතර දරුවාගේ පෙනහලූ මෙම දියරයෙන් පිරි පවතියි.
දරුවා බිහි වන අවස්ථා වනතුරු මෙම කළලාවාරික පටලය බිඳීමකට ලක් නොවූද ඇතැම් අවස්ථා වලදී කළලාවාරික පටලය බිඳී ඇම්නියෝටික් තරලය ඉවත් විය හැකිය. එය දරුවාගේ ජීවිතයට අවදානම් සහිත තත්ත්වයක් විය හැකිය.
කළලාවාරික පටලය (වෝටර් බෑගය) බිඳී යාමට හේතු සාධක
මීට අමතරව අක්‍රිය දුම් පානය, මවගේ රෝග තත්වයන් වැනි සාධක කලින් කලලාවාරික පටල බිඳීයාමට හේතු වෙන්න පුළුවන්.
කෙසේ වුවද කළලාවාරික පටලය (වෝටර් බෑගය) බිඳී යන සාධක අතුරින් ද දරු ප්‍රසූතියට සූදානම් වීම යන සාධකය හැර අනෙක් සාධක දරු ගැබට හානීදායක විය හැකිය. ඒ අතුරින් කළලාවාරික පටලය බිඳී යන කාල වකවානුව අනුව තත්ත්වය තව දුරටත් භයානක විය හැකිය. එබැවින් කළලාවාරික පටලය බිඳී ගියි කාල වකවානුව අනුව ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාපටිපාටිය වෙනස්ය
දරු ගැබට සති 37ක් ගතවූ පසු කළලාවාරික පටලය බිඳී යාමමෙවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් පැය 24 කාලයක් දරුවාට ඇතිවිය හැකි හානිය අඩුයි. කෙසේ වුවද වහාම රෝහල් ගත වීම ඉතා වැදගත්ය. නැතහොත් කළලාවාරික පටලය බිඳී යාම නිසි දරු ගැබට විෂ බීජ ගමන් කොට දරුවා හා මව ආසාදනයට ගොදුරු විය හැකිය. සාමාන්‍යයෙන් කළලයකට සති 37ක් දරු ප්‍රසූතිය සඳහා දරුවා සූදානම්. මේ අවදිය වන විට පෙනහ`ඵද ක්‍රියා කරවීමට හැකියාවක් ඇති බැවින් සති 37න් පසු කළලාවාරික පටලය බිඳී ගියහොත් බොහෝ දුරට දරුවා ප්‍රසූතිය සඳහා මව සුදානම් කරවයි. එහිදී ස්වභාවිකව සාමාන්‍ය පරිදිම මව දරු ප්‍රසූතිය සිදු කරන තුරු යම් කාලයක් බලා සිටියි. එහෙත් ස්වභාවිකව දරු ප්‍රසූතියට සුදානම් වීමට අපේක්ෂිත කාලය ගත වී ඇත්නම් කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කිරීම සඳහා සින්ටෝ ලබාදීම , ප්‍රොස්ටොග්ලැන්ඩීන් හෙවත් ග්ලැන්ඩීන් ක්‍රමය බැලූනයක් ගැබ්ගෙල තුළට ඇතුළු කොට ප්‍රසාරණය කිරීම වැනි ක්‍රම මගින් දරු ප්‍රසූතියට මව සූදානම් කරවයි. එසේත් නැතිනම් සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහි කිරීම අවශ්‍ය වෙන්න පුළුවන්.
දරු ගැබට සති 34ත් 37ත් අතර කාලය තුල කළලාවාරික පටලය බිඳී යාමසාමාන්යයෙන් සති 34ත් 37ත් කාලය අතර දරුවෙකුගේ පෙනහළු යම් ප්‍රමාණයකට වර්ධනය වී ඇත. නමුත් ස්වාධිනව කටයුතුකිරීමට තරම් ශක්තියක් දරුවාට නැත. එනිසා දරුවා වැඩී තිබෙන ආකාරය අනුව ප්‍රතිකාර කිරීම තීරණය කරනු ලබයි. එනිසා මවගේ කුස තුලම දරුවාට තව දුරටත් වැඩෙන්නට සලසනව. දරුවාගේ පෙනහළු වර්ධනය කිරීමට ප්‍රතිකාර ලබා දෙන අතර තුරම දරුවා හා මව විෂබීජ ආසාදන වලින් වලක්වා ගන්නට අවශ්‍ය ප්‍රතිකාර සිදු කරනු ලබාදී සුදුසු කාලයේදී දරුවා බිහි කිරීමට වෛද්‍ය වරු තීරණය කරනව.
දරු ගැබට සති 34ට පෙර කළලාවාරික පටලය බිඳී යාමමෙය ඉතා අවදානම් තත්ත්වයකි. දරුවා නොමේරූ දරුවකු නිසා ජීවිත අවදානම ඉතා ඉහළය. මෙවැනි අවස්ථාවක මව රෝහල් ගත කොට යම් යම් පරික්ෂණ වලට භාජනය කරමින් ආසාදන වලක්වා ගැනීමට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙයි. එසේම දරුවාගේ පෙනහළු හුස්ම ගැනීමට සුදුසු තත්වයට පත් කිරීමට ප්‍රතිකාර ලබා දීමත් සිදු කරයි. හැකිතාක් මවගේ කුස තුල දරුවාගේ වර්ධනය ඇති කිරීමට උත්සහ දරයි.
මේ අතර තුර දරුවාගේ සහ මවගේ සෞඛ්‍ය තත්වය වරින් වර සිදු කරන පරීක්ෂා මගින් සොයා බලනව. දරුවා බිහිකිරීමට සුදුසු කාලය ඇතිවෙන සංකූලතා අනුව වෙනස් වෙනව.
ඇම්නියොටික් තරලය අඩුවීම
මව් කුස තුල තරලයේ ජීවත් වන දරුවා මෙම දියරය පානය කරයි. එසේම දරුවා පානය කරන ප්‍රමාණයටම මුත්‍රාකිරීමත් සිදු කරයි. එනිසා කළලාවාරික තරලයේ අඩු වැඩි වීම විශාල වශයෙන් සිදු විය නොහැකිය. කළලාවාරික තරලය ඇති වන්නේ වැදෑමහෙන් ශ්‍රාවය කරන ශ්‍රාවයන්ගෙන් හා දරුවා පිටකරන මුත්‍රා වලින්ය. යම් හෙයකින් වැදෑමහ කුඩාවූ විට ශ්‍රාවය කරන ශ්‍රාවයන් අඩු වීම හේතුවෙන් කළලාවාරික තරලය අඩු විය හැකිය. නිදහස් චලනවලට අවශ්‍ය වන තරල නොමැති නිසා අත් පාවල විශේෂයෙන් පාදවල විකෘතිතා වැනි තත්වයන් ඇතිවිය හැකියි. මෙහිදී මව පානය කරන දියර ප්‍රමාණය බලපාන්නේ නැත. දරු ප්‍රසූතිය ආසන්නයේ දී මෙම තරලය අඩුවුව හොත් ප්‍රසූත අවස්තාවේදී ගර්භාෂය හැකිළීම වැනි තත්වයන් දරුවාට දරා ගැනීමට අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමේ අවදානමක් තිබෙනව.
ඇම්නියෝටික් තරලය වැඩිවීමදරුවා පානය කරන තරල ප්‍රමාණය නිපදවන තරල ප්‍රමාණයට වඩා අඩු වෙනව විට මේ තත්වය ඇති වෙනව. දරුවාගේ ආහාර මාර්ගයේ යම් අවහිරතා කළලාවාරික තරලය වැඩිවීමට හේතු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දියවැඩියාවෙන් පෙළෙන මව්වරුන්ගේ කළලාවාරික තරලය වැඩියි.
මේ නිසා දරු ගැබ අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල වීම දක්නට ලැබෙනව. එක්වර තරල ප්‍රමාණය වැඩි වුවහොත් මවට උදරයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ස්කෑන් පරීක්ෂණ මගින් මේ තත්වය කලින් හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව සුදුසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඔබේ වෛද්‍ය වරයා යොමු කරනව.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON