Skip to main content
ප්‍රශ්නය

ෆයිබ්‍රොයිඩ් ගෙඩි වලට ප්‍රතිකාර අවශ්‍යද?

Do fibroids need treatment?

Fibroid

අසන ලද්දේ: Ay*** · වයස 39

ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. ෆයිබ්‍රොයිඩ් ගෙඩි කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ඇති වෙන ගර්භාෂයේ පිළිකා නොවන ගෙඩි. බොහෝවිට ඒවාට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. අධික රුධිර වහනය, වේදනාව හෝ දරු ඵල ප්‍රමාද වීම වැනි රෝග ලක්ෂණ ඇති නම් පමණක් ගෙඩියේ ප්‍රමාණය සහ පිහිටීම අනුව සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඖෂධ මගින් ෆයිබ්‍රොයිඩ් ඉවත් කරන්න බැහැ. ඔබේ ස්කෑන් වාර්තාව සමග වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.