Skip to main content
ප්‍රශ්නය

සති 7 ස්කෑන් එකේ වෝටර් බෑග් විතරක් පෙනුණොත් ප්‍රශ්නයක්ද?

Only the water bag seen on a scan at 7 weeks, is something wrong?

doctor mama den pregnant wela sathi 7i.tika tika bleed wenawa.vog doctor kiuwa scan eken baba penne kiyala.woter bag eka vitharai penne kiyala.homona pethi bonna dila sathi dekakin enna kiuwa.mata prashnayak weida

අසන ලද්දේ: K.*** · වයස 28

සති 7දී වෝටර් බෑගය පමණක් පෙනීම සමහර අවස්ථා වල සාමාන්‍ය දෙයක්. දින ගණනය වැරදි නම් කලලය පසුව පෙනෙන්න පුළුවන්. සති දෙකකින් නැවත ස්කෑන් කිරීමෙන් පමණයි මෙය හරියටම දැන ගන්න පුළුවන් වෙන්නෙ. රුධිර වහනය වැඩි වුණොත් හෝ දැඩි වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.