Skip to main content
ප්‍රශ්නය

මා විවාහ වී දැනට වසරකි. මාස 3 ක සිට දරුවෙකු අපේක්ශා කලත් ගැබ් ගැනීමක් සිදු නොවූ නිසා වෛද්‍ය වරයෙකු හමුවූ අතර scan පරීක්ෂයක් සිදුකලා. එහි ගැටලුවක් නොමැති බව පැවසූ අතර මාහට ඩිම්බ මේරීමට ඖෂධ හා Bigmet 250mg ඖෂධය ලබාදුනි එම ඖෂධය ලබා දෙන්නේ pcos රෝගය සදහද,

අසන ලද්දේ: W *** · වයස 30

බොහෝවිට ඔව්. Bigmet (metformin) ඖෂධය දියවැඩියාව සඳහා වගේම PCOS තත්වය ඇති කාන්තාවන්ටත් නිර්දේශ කරනව. එය හානියක් නැති ඖෂධයක් වුවත් එයින් පමණක් ඩිම්බ මේරීම සිදු වෙන්නෙ නැහැ. ඩිම්බ මේරීමට දෙන ඖෂධ ස්කෑන් පරීක්ෂණයකින් අධීක්ෂණය කරමින් ගැනීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.