Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මම තාම විවාහ වෙලා නෑ..මගෙ බඩේ කැක්කුමක් නිසා Vog ඩොක්ටර් කෙනෙක් කරපු ස්කෑන් එකකින් මගෙ ඩිම්බ කෝශයෙ සාමන්‍ය ප්‍රමාණයට වඩා විශාල ලේ ගෙඩියක් තියෙනව කියල කිවුවා..5Cmක් විතර..වේදනාවට කියල පෙනඩොල් දුන්නා..ඉවසන්න් බැරි තරමට කොන්දෙ කැක්කුම සහ යටි බඩේ කැක්කුමක් නිතර හැදෙනව..මේක සාමන්‍යය දෙයක්ද නැත්තන් මොනව හරි ප්‍රතිකාරයක් කරන්න වේයිද

අසන ලද්දේ: Th*** · වයස 23

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. සෙන්ටිමීටර 4ට වඩා විශාල ගෙඩියක් නැවත ස්කෑන් කර බලා තවමත් තිබේ නම් ලැපරොස්කොපි සැත්කමකින් ඉවත් කිරීම අවශ්‍ය වෙන්න පුළුවන්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. දැඩි වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.