වෛද්යුතුමනි, මා scan පරීක්ෂාවක් සිදුකල අවස්ථාවේ ගර්භාෂ බිත්තියේ ඝනකම (posterior wall) 4.3mm ලෙස පවසන ලදි. එය adenomyosis තත්ත්වයක් ලෙස පවසන ලදි. තවද 1cm ට අඩූ fibroid ගෙඩි කිහිපයක් ද පවතින බව පවසන ලදි.මාගේ ඔසප් කාල සීමාවේදී වේදනාවක් නොදැනෙන අතර එය දින 5කින් පමණ අවසාන වේ. මෙම තත්ත්වය යටතේ මාගේ ගර්භාෂය ඉවත් කිරීමට සිදුවේද ? මෙය දිගටම පැවතිය හොත් ගර්භාෂ ඉදිමීම වැඩි වේද? කරුණාකර පිළිතුරක් ලබා දෙන්න.
නැහැ. රෝග ලක්ෂණ නැති නම් ඇඩිනොමයෝසිස් හෝ කුඩා ෆයිබ්රොයිඩ් ගෙඩි නිසා ගර්භාෂය ඉවත් කිරීම අවශ්ය නැහැ. වේදනාවක් හෝ අධික රුධිර වහනයක් ඇති වුණොත් පමණක් ප්රතිකාර අවශ්ය වෙනව. අවුරුද්දකට වරක් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර වෙනසක් ඇතිදැයි බලා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?