Doctor,මගේ වයස 32යි. තවම විවාහ වෙලා නෑ. මාස කීපයක් මගේ periods regular වුනේ නැති නිසා මම 2020 නොවැම්බර් මාසයේ ඉඳන් බෙහෙත් ගන්නවා.මුලින්ම මට Femilon දුන්නා. 2020 දෙසැම්බර් මාසයේ ඉඳන් මේ වෙනකන්ම Estelle-35ED කියන බෙහෙත ගන්නවා.දැනට periods ක්‍රමවත්ව සිදුවෙනවා.නමුත් බෙහෙත් නතර කලාම නැවත අක්‍රමවත් වෙයිද බයයි.දැනට ඔසප් වීම ක්‍රමවත් වුනත් අනවශ්‍ය රෝම වැවීම අඩුවක් නෑ.කට උඩ,නිකට වගේම පියයුරු වල Areola කොටස වටේට ඝනව දිගට රෝම වැවීම සිදුවෙනවා. මම ප්‍රතිකාර ගත් doctor කියන්නෙ මේ ගත්ත බෙහෙත් වලට රෝම වැවීම අඩුවිය යුතු බවයි.මේ නිසා මම විවාහ වීමටද බයෙන් පසුවෙන්නෙ. මේ තත්ත්වය සුව කරගැනීමට කුමක් කලයුතුද? Lazer ප්‍රතිකාරය පියයුරු සඳහා කල හැකිද?
මෙම පෙති වලින් ඔසප් වීම ක්‍රමවත් වෙන්නේ ඒවා ගන්නා කාලයේ පමණයි. පෙති නිසා අලුතින් රෝම වැවීම අඩු වුනත් දැනට ඇති රෝම ඉවත් වෙන්නේ නැහැ; ඒ සඳහා ලේසර් ප්‍රතිකාරය පියයුරු අවටත් කළ හැකියි. බර වැඩි නම් බර අඩු කර ගන්න. මේ තත්වය විවාහයට හෝ දරුවන් ලැබීමට බාධාවක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?