Skip to main content
ප්‍රශ්නය

Doctor මම ඩිම්බ මෝරන බෙහෙත් ගත්තා.ඒත් නියමිත ප්‍රමාණයට ඩිම්බ මෝරන්නෙ නෑ.අවසාන වතාවට ඩිම්බ මෝරන පෙති 4ගානෙ දින 5ක් ගත්තා.ඒත් මෝරලා තිබුණෙ දකුනු පැත්තෙ එක ඩිම්බයක්13 ප්‍රමාණයට.ඩොක්ට කිව්වා එයාට තවත් බෙහෙත් කරන්න බෑ කියලා සොයිසා රෝහලේ ඩොක්ට කෙනෙක්ට ලියලා දුන්නා.Ivf එකක් කරන්න කිව්වා නැත්නම් බබෙක් අරං හදන්න කිව්වා මට බබාලා හදන්න බැරිද ඩොක්ට. අරං බෙහෙත් එකම පෙති 5ක් ගැනීම සුදුසු ද.Ivf කරන්නෙ නැතුව වෙන සාර්ථක ප්‍රතිකාර ක්‍රම මොනවද

අසන ලද්දේ: Ka*** · වයස 28

පෙති වලට ඩිම්බ මේරෙන්නෙ නැති විට හෝමෝන එන්නත් මගින් ඩිම්බ මේරවීමට හැකියාව තිබෙනව. එය ස්කෑන් පරීක්ෂණ සමග විශේෂඥ වෛද්‍ය වරයෙකු යටතේ කළ යුතුයි. ඖෂධ මාත්‍රාව තමන්ම වැඩි කර ගන්න එපා.

https://vog.lk/1035-anovulation.php