Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මට ඇති ගැටළුව නම් මාස දෙකක පමණ සිට ඔසප් වීමෙන් පසුව යෝනි ප්‍රදේශයේ අධික කැසිල්ලක් ඇතිවීමයි..මෙය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරියකට යොමු කළ විට ඇය ANTIFUNGAL ක්‍රීම් එකක් භාවිතයට ලබා දුනි.එය භාවිතයේදී මදක් එම තත්වය මග හැරුණු අතර,නැවත නැවත සුළු වශයෙන් කැසීමක් ඇති වේ..පසුව යෝනි තොල් වලට දෙපසින් ඇති රෝම වැවී ඇති ප්‍රදේශයේ කුඩා ගැටිත්තක් ඇති විණ..දින කිහිපයකින් එය මදක් වේදනාකාරී ලෙස විශාල වී පසුව අඩු වී ගියේය..මින් පෙරද මා යටි බඩ ප්‍රදේශයේ දහඩිය ග්‍රන්තියක් ඉදිමීම හේතුවෙන් වෛද්‍යවරයෙකු මුණ ගැසුනෙමි..මා කලින් පෙම්වතා සමඟ ලිංගික සම්බන්ධයක් තිබුණි.ඉන් අවුරුදු 2කට පමණ පසු රජයේ රෝහලෙන් කරන ලද රුධිර පරීක්ෂාවද NEGATIVE විය..මෙම තත්වය කුමක් විය හැකිද වෛද්‍යතුමනි? මට මෙය මහත් පීඩාවකි

අසන ලද්දේ: ප්*** · වයස 20 · 2362 views

පිළිතුර

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.