දරු ඵල නැති කරන, කැක්කුම් ඇති කරන එන්ඩෝමේට්රියෝසිස් (Endometriosis)

එන්ඩෝමේට්රියෝසිස් යනු කුමක්ද?

එන්ඩෝමේට්‍රියෝසිස් යනු කාන්තාවන්ගේ ප්‍රධාන වශයෙන් ඩිම්බ කෝෂ සහ ශ්‍රෝණි කුහරය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්වයකි. එය ඇතිවිය හැකි අනෙකුත් ස්ථාන නම්, ශල්‍යකර්ම කල ස්ථාන, කලාතුරකින් පෙනහළු, මුත්‍රාශය ආදී තැන්ය.

ඔසප් වීමේදී ගර්භාශයේ ඇතුලත බිත්තියේ  පටක ගැලවී යාම සිදුවේ, ඔසප් රුධිරය ලෙස මසකට වරක් යෝනි මාර්ගයෙන් පිටවන්නේ මෙ පටක කොටස් සහ එහි අඩංගු රුධිරයයි.

එන්ඩෝමේට්‍රියෝසිස් රෝගයේදී ගර්භාශයේ ඇතුලත බිත්තියේ  පටකවලට සමාන පටක කොටස් ශ්‍රෝණිය, ඩිම්බ කෝෂ හෝ සිරුරේ වෙනත් ඕනෑම ස්ථානයක පිහිටිය හැකිය.

රෝග ලක්ෂණ

මෙම පටක පිහිටි තැන්  වලින්ද ඔසප් වීමේදී මෙන් රුධිරය මඳ වශයෙන් වහනය වන අතර, ඒවා ශරීරයෙන් පිටතට ගැලීමක් සිදු නොවන බැවින් එම තැන් වලම තැම්පත් වී තදවෙයි. එම ගැටිති තුලට ස්නායු ද වර්ධනය වන බැවින් ඒවා අධික වේදනාවක් ඇති කරයි. එම වේදනාව මුලින් ඔසප් දිනවල පමණක් ඇතිවන අතර, කල් යාමේදී දිගටම පවතින බඩේ කැක්කුමක්, හෝ කොන්දේ කැක්කුමක් ලෙස පවතී. එය ඔසප් දින වලදී අධික වීම මෙහි ඇති විශේෂත්වයයි.

ලේ කැටිවූ ගැටිති ඇතිවීම, ඩිම්බ කෝෂ වල ලේ ගෙඩි ඇතිවීම නිසා උදර කුහරයේ අවයව එකට ඇලීමක් සිදුවේ. මෙය Adhesions ලෙස හැඳින්වේ. මෙම ඇලීම් සහ ප්‍රතික්‍රියා මගින් නිපදවෙන රසායනික ද්‍රව්‍ය නිසා පැලෝපීය නාල අවහිරතා, ඩිම්බ මොචනයේ ගැටලු ආදිය ඇතිවේ. මේ හේතු සමුදාය නිසා එන්ඩෝමේට්‍රියෝසිස් රෝගය ඇති කාන්තාවන්ගේ  බොහෝවිට මඳසරු භාවය පිලිබඳ ගැටළු දැකිය හැකිය.

තවද ශ්‍රෝණිය තුල ඇති ඇලීම් හා ගැටිති නිසා, ලිංගික සංසර්ගයේදී අධික වේදනයක් ඇතිවේ.

මෙම රෝගයේ ඇති කල් පවතින රෝග ලක්‍ෂණත්, ප්‍රතිකාර කිරීමේ අපහසුවත්, ප්‍රතිකාර වලින් පසුව නැවත නැවත රෝග ලක්‍ෂණ පහල වීමත් නිසා, එන්ඩොමෙට්‍රියෝස්සි ඇති කාන්තාවන් බොහෝ පීඩාවට පත්වේ.

එමෙන්ම දරු ඵල නැතිවීම, අධික උදරයේ වේදනාව සහ ලිංගිකව සතුටු වීමට බාධා ඇතිවීම යන  කරුණු නිසා මානසිකව විශාල පීඩාකාරී බවට පත්වීම දැකිය හැකිය. එය විෂාදය තත්වයක් දක්වා වුවවර්ධනය විය හැකිය.

මෙය ඇතිවීමට හේතු මොනවද

එන්ඩොමේට්‍රියෝසිස් රෝගී තත්වයට හේතුව 100%ක් නිශ්චය කර නැත. නමුත් අනුමාන කරන කරුණු කිහිපයකි.

  • මාස් ශුද්ධියේදී, ගර්භාශයේ ඇතුලත පටක පැලෝපීය නාල ඔස්සේ ශෝනි කුහරයට සංක්‍රමණය වී, එහි තැම්පත් වීම.
  • ඩිම්බ කෝෂ වල ඇති ජනක සෛල වලින් ගර්භාශයේ ඇතුලත පටක වලට සමාන පටක ඇතිවීම.
මෙය හඳුනා ගන්නේ කෙසේද?

ඉහත රෝග ලක්ෂණ ඇති විට, යෝනි පරීක්ෂාවක් සහ ස්කෑන් පරීක්ෂණයක් මගින් රෝගය හඳුනා ගත හැකිය. ඉන් පසුව laparoscopy ක්‍රමයට කරන ශල්‍ය කර්මයක් මගින් 100% රෝග නිශ්චයට පැමිණීමත් ප්‍රතිකාරයත් කල හැකිය.

මෙය පිලිකා තත්වයක්ද?

endometriosis යනු පිලිකා තත්වයක් නොවේ. නමුත් කල් පවතින රෝගී තත්වය මත ඩිම්බ කෝෂ පිලිකා වර්ධනය වීමේ අවදානමක් පවතී.

එන්ඩොමේට්රියෝසිස් සුවකළ හැකිද? ප්රතිකාර මොනවාද?

ප්‍රතිකාරය බොහෝවිට රෝග ලක්ෂණය මත රඳවා පවතී. වේදනා නාශක ඖෂධ, ඔසප් වීම ඖෂධ මගින් නතර කිරීම ආදී ප්‍රතිකාර තාවකාලිකව ප්‍රතිඵල අත්කරදෙයි.

එන්ඩොමේට්‍රියෝසිස් රෝගය, රෝගයේ උත්සන්න බව අනුව අවධි හතරකට වර්ධනය වෙයි.

  1. ඉතා මද වශයෙන් ඇති රෝගය
  2. මද වශයෙන් ඇති රෝගය
  3. තරමක්‌ වර්ධනය වූ රෝගය
  4. තීව්‍ර රෝගී  තත්වය

පළවන  සහ  දෙවන අවස්ථාවේදි ඖෂධ මගින්  රෝගය  පාලනය කල හැකිය .නමුත් තුන්වන හා හතරවන අවස්ථාවේදී laparascopy  ශල්‍යකර්මය අවශ්‍ය වේ .

laparascopy  ශල්‍යකර්මය මගින් ශෝණි කුහරය තුල ඇති අනවශ්‍ය පටක ඉවත් කිරීම රෝගයට නිශ්චිතව ප්‍රතිකාරය වේ.

Laparoscopy ශල්යකර්මය( Key hole surgery )

මෙය  එන්ඩෝමේට්රොසිස් රෝගයට නිශ්චිත ප්රතිකාරය වන අතර, එහිදී ශ්රෝණි කුහරය තුල ඇති endomtriosis පටක ඉවත් කිරීම හා පිළිස්සීම සිදුකෙරේ. රෝගයේ තීව්රතාවය අනුව සැත්කමේ සංකීර්ණතාවය තීරණය වෙයි.

සාර්ථක සැත්කමකින් පසුව වසර 2-3ක් යනතුරු නැවත රෝගය මතුනොවේ, ඔසප් වීමේදී සහ ලිංගික සම්බන්ධතවෙදී වන වේදනාව නැතිවේඑමෙන්ම දරුඵල අපේක්ෂිත කාන්තාවන්ට, ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩිවේ.

ශල්යකර්මයේ තවත් වාසියක් වන්නේ, ඉවත් කරන පටක පරීක්ෂාවෙන් ( Histology ) පිලිකා තත්වයක් ඇති දැයි සක හැර දැනගැනීමයි.

 

Dr. Sarada Kannangara


Consultant Gynaecologist and Onco-Surgeon
Da Vinci Certified Robotic Surgeon
National Cancer Institute Maharagama
Teaching Hospital Mahamodara - Galle

MBBS, MD (Obs & Gyn)


SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)