නම: Ni*** | වයස: 26
ගැටළුව

වෛද්‍යතුමනි මගේ මාසික ඔසප් චක්‍රය ක්‍රමවත් නැහැ.නියමිත මසකට වරක් කිසිදු දිනක එය සිදු වී නැහැ.මාස 3,4,5,6,7.වැනි මාස ගනනකට වරක් තමයි සිදු වන්නේ..මාස 8 ක් ප්‍රමාද වීම නිසා මම කාසල් රෝහලේ වෛද්‍යවරයෙකු හමුවට ගියා.එවිට මට ඇත්තේ පොලිසිස්ටික් තත්වයක් බව කිව්වා..මෙවැනි තත්වයක් තුළ මම දැන් ගැබිනි භාවයට පත්ව තිබෙනවා.මෙවර ජුනි මස මාස් ශුද්ධිය ඇතිවු පසු නැවත ඇති වූයේ නැහැ.අගෝස්තු මස අවසන් සතිය පමන වන විට වමනය.කරකැවිල්ල වැනි තත්ත්වයක් ඇති වූ නිසා මුත්‍ර පරීක්ෂණයක් සිදු කළ විටයි ගර්භනී භාවය හදුනා ගත්තේ.වෛද්‍යතුමනි මගේ ගැටළුව තමයි මගේ ගැබිනි බවේ නියමිත දින ගනණ සොයා ගත නොහැකි වීම.මෙි සදහා කළ හැක්කේ කුමක්ද.

පිළිතුර


ස්කෑන් පරීක්ෂණයක් මගින් නිවැරදිව දින ගණනය කරන්න පුළුවන්. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)