නම: Ma*** | වයස: 29
ගැටළුව

Yam kanthawakage yoni Margaya kid a man sidu kala yuththe kumakda.lingikawa eakath wiya nohaki tharam

පිළිතුර


මෙය ඉතාමත් විරල අවස්තාවක්. සාමාන්‍යයෙන් සිදුවෙන්නේ vaginismus කියන තත්වය නිසා යෝනි මාර්ගය වටේ ඇති මාංශපේශී තදවී සංසර්ගයේ යෙදීමට නොහැකි වීම. දැන වෛද්‍ය විද්‍යාව දියුණු නිසා උපතින් යෝනි මාර්ගයක් පිහිටා නොමැති කාන්තාවකට වුවත් සංසර්ගයේ යෙදිය හැකි පරිදි ශල්‍යකර්ම මගින් යොනි මාර්ගයක් සකස් කිරීමේ හැකියාව තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)