Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියෙන් පස්සේ යෝනි මාර්ගයෙන් වාතය පිටවීම සාමාන්‍යද?

Is air escaping from the vagina after delivery normal?

වෙද්‍යයතුමනි.
මට මාස හතක පුතෙකු සිටිනවා.
පුතා ලැබෙන්න ප්‍රසුතිකාගාරයේ පැය 15 සිටීමෙන් පසු ගැබ් ගෙල සෙන්ටිමීටර 6 පමණක් වීවර වී තිබෙනවා කියා මා හට සීසේරියන් ශල්‍යකර්මයක් සිදු කලා.
දැන් මා කොන්ද නමා කුමන හෝ වැඩක් සිදු කිරීමෙන් පසුව මාගේ යෝනි මාර්ගයෙන් වාතය එක දිගට පිට වීමක් සිදු වෙනවා.එය මට පාලනය කල නොහැකියි. කකුල් දෙක ඈත් කර වාඩී වී සිටින විට පවා ගුද මාර්ගයෙන් වාතය පිට වී වැසිකිලි යාමට වුවමනා වෙනවා. මාගේ යෝනි මාර්ගයට පුතා ලැබීමෙන් පසුව මැහුම් දැමීමක් සිදු කලේ නැහැ.
වෙද්‍යයතුමනි, මේ සදහා මා ඔබෙන් පිළිතුරක් බලපොරෝත්තු වෙමි.

අසන ලද්දේ: U.*** · වයස 26

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මේ ගැන හරියටම දැන ගන්න පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමු වෙන්න.