ගර්භණී සමයේ ගුවන් ගමන් සුදුසුද? Air travel in pregnancy

ගර්භණී සමයේ ගුවන් ගමන් සුදුසුද? Air travel in pregnancy

ගර්භණී මවක් ගුවන් ගමනක යෙදීම අවදානම්ද? ගුවන් ගමන් නිසා මවට සහ කුසතුල සිටින දරුවාට ඇතිවිය හැකි සංකූලතා මොනාවාද? මෙවැනි ගැටළු බොහෝ දෙනෙක් විමසා සිටින නිසා ඒ ගැන පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් සිදු කරන්නෙ. 

සාමාන්‍යයෙන් සති 36ට පෙර කලින් දරු ප්‍රසූතිය වැනි සංකූලතා ඇතිවීමට අවදානම ඉතා අඩු නිසා ගුවන් ගමනක යෙදී ආරක්ෂාකාරී ලෙස සලකනව. නමුත් ඔබ ගර්භණී කාලයේ ගුවන් ගමනක් සැලසුම් කිරීමට පෙර ඔබේ වෛද්‍ය වරයා හමුවී දරුවාගේත් ඔබෙත් සෞඛ්‍ය තත්වය මේ සඳහා සුදුසු මට්ටමක පවතීදැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. 

සමහර අවදානම් තත්වයන් නිසා ගුවන් ගමන් වල යෙදීම නිර්දේශ නොකර අවස්තා තිබෙනව. එවැනි තත්වයන් නම්,

පාද වල ලේ කැටි ඇති වෙන (Deep Vein Thrombosis) රෝග තත්වය.

කලින් දරු පසූතියට අවදානමක් තිබීම.

වෝටර් බෑග් එක කැඩීම තිබීම.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන ශ්වසන හෝ හෘද රෝග තත්වයක් තිබීම.

ගුවන් ගමනක යෙදෙන අතරතුර ඇති විය හැකි සංකූලතා වලක්වා ගැනීමට පහත උපදෙස් පිළිපැදීම වැදගත් වෙනව.

1. ගුවන් සේවයට ඔබ ගර්භණී බව කලින් දැනුම් දී උපදෙස් ලබා ගන්න. සමහර විට ඔබට ගුවන් ගමන ආරක්ෂිත දැයි වෛද්‍ය වාර්තාවක් ලබා දීමට සිදු වෙනව.

2. සැම විටම ආසන පටි භාවිතා කරන්න. ඉන් දරු ගැබට හානියක් සිදු වෙන්නෙ නැහැ.

3. හැකි පමණ දියර වර්ග පානය කරන්න. විජලනය වීම වලක්වා ගැනීමට ඉතා වැදගත්

4. පාද වල රුධිර කැටි ගැසීමට අවදානමක් ඇති නිසා එය වලක්වා ගන්න compression stockings පැලඳීම, පාදවලට ව්‍යායාම කිරීම සහ ආරක්ෂිතව කෙටි දුරක් ඇවිදීම සිදුකරන්න.

ගමනාන්තයේදී හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් දරු ප්‍රසූතියට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසු රොහලක් කලින් සැලසුම් කර තබා ගන්න. සෑම විටම ඔබේ ගර්භණී සටහන් පත සහ වෛද්‍ය වාර්තා ලඟ තබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON