Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියෙන් පසු ඔසප් වීම එන්න කලින් ගැබ් ගන්න පුළුවන්ද?

Can you get pregnant after delivery before periods return?

ඩොක්ටර් මගේ බිරිද දෙවෙනි දරු ප්‍රසූතියෙන් පසු ඔසප් වීම සිදු උනේ නෑ නමුත් ඇය දැනට ගැබ් ගෙන සිටිනවා එය සිදු වන්නේ කොහොමද

අසන ලද්දේ: Pg*** · වයස 26

දරු ප්‍රසූතියෙන් පසු පලමු ඔසප් වීමට සති දෙකකට පමණ පෙර ඩිම්බයක් පිටවෙනව. ඒ නිසා ඔසප් වීම නැවත ආරම්භ වීමට පෙරත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. මවු කිරි දීම මාස 6කට පමණයි ආරක්ෂාවක් වෙන්නේ. ඒ නිසා දරු ප්‍රසූතියෙන් සති 6ක් ඇතුලත උපත් පාලන ක්‍රමයක් ආරම්භ කල යුතුයි.