Skip to main content
ප්‍රශ්නය

පොලිසිස්ටික් තත්ත්වය නිට්ටාවටම හදාගන්න පුළුවන්ද?

Can polycystic ovary syndrome be cured completely?

Dr.මට සාමාන්‍යය සිරැරක් තියෙන්නේ.BMI අගය නිවැරදිව තිබුනද මාස 5 ක් තුල බර 5kg වැඩි වුනා.අවුරැද්දක විතර ඉදලා අධික ලෙස මුහුනේ කුරැලෑ තියෙනවා.බෙහෙත් කලාට හොද වුනේ නෑ.අවු.1 1/2 විතර සුද යෑමේ රෝගය තිබුනා.දැන් හොදයි.(බෙහෙත් කලා)විවාහ වෙලා අවු.1 1/2 බබාලා නැති නිසා ස්කෑන් කලාම කිවුවා ඩිම්බ මෝරලා නෑ පොලිසිස්ටික් රෝගය කියලා.ඔසප් වීම දින 28,29,30 වගේ වෙන්නේ.පොලිසිස්ටික් නිට්ටාවටම හොද කරන්න පුලුවන් ද?(අන්තර්ජාලය තුලින් රෝගය ගැන දැන ගන්න ලැබුන තොරතුරැ නිසා ගොඩක් බයෙන් ඉන්නේ)

අසන ලද්දේ: උද*** · වයස 25

මෙය ඖෂධ මගින් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිකාර ලබා ගෙන ඔබට දරුඵල ලබා ගන්නත් පුළුවන්. නමුත් මෙය නිට්ටාවට සුවකල හැකි තත්වයක් නොවෙයි.