Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහළින් පිහිටලා නම් බබාට අවදානමක්ද?

Is a low-lying placenta a danger to the baby?

වෛද්‍ය තුමෙනි..මට වයස අවු.30: විවාහ වී වසර 5කට පසුවයි අපි දරුවෙකු සදහා සුදාන්ම් වුනේ..නමුත් ඒ සමගම මට බඩේ සහ පපුවේ වම් පැත්තේ තද වේදනාවක් සහ බඩ පුරවා දැමීමක් පටන් ගත්තා..පසුව වකුගඩුවේ ගලක් යැයි නිගමනය කලා.නමුත් මාස 3ක් ඇතුලත මා ct scan(abdominal) ,mri ,colonscopy ,gastroscopy,laparoscopy,scan,xrey, වගේ හැම පරීක්ෂණයකටම යොමු වුනා..නමුත් වේදනාවට කිසිම හේතුවක් සොයා ගත්තේ නෑ..පසුව මම නැවත මගේ අපහසුවන් තිබුනත් දරුවකු ගැන සිතුවා..ඉක්මනින් ගැබ් ගැනීම සිදුවුනා,,දැන් මා සති 20,දින3ක ගැබිනියක්..බඩ පුරවා දැමීම..උගුරේ දැවිල්ල,හතිය වගේ කලින් තිබූ හැම රෝගයක්ම එක්ක ගොඩක් අපහසුවෙන් තමයි ඉන්නෙ..ඊයේ anomaly scan එකක් කෙරුවා..එහිදී මට කිව්වා..බබා හොදින් ඉන්නවා නමුත්( ගර්බාශය හෝ වැදැමහ) තවමත් යටින් හරි ආකාරව වැහිල නැහැ කියලා..මට ටික දුරක් ඇවිද්දත් යටි බඩේ වේදනාවක් එනවා..මම ජීවත් වෙන්නේ පිටරට,මාස දෙකකට පමන පෙර අසනීප නිසාම ලන්කාවට අවා..නැවත් ලබන මස මුල විදේශ ගත වීමට බලා පොරොත්තු වෙනවා..මේ සෑම දෙයක්ම සම්බන්ධයෙන් මම දැඩි මානසික ආතතියකින් ඉන්නේ..මට දැනගැනීමට අවශ්‍ය ඒ නිසියාකාරව වැසී නැති කම,බබාට ප්‍රශ්නයක් වේවිද? එය අවදානමක්ද? ස්තුතියි .

අසන ලද්දේ: An*** · වයස 30

නැහැ. හදිසියේ රුධිර වහනයක් සිදු වුවහොත් ඉන් ඔබේ සෞඛ්‍ය තත්වයට බලපෑමක් ඇති වෙනව. මේ තත්වය දිගටම පැවතිය හොත් සමහරවිට එවැනි රුධිර වහනයන් සිදු වෙන්න ඉඩ තිබෙනව. නමුත් මෙය සාමාන්‍ය අතට හැරෙන්න ඉඩකඩ තිබෙන නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලිය යුතුයි.