යෝක් සැක් විතරක් පෙනිලා හෘද ස්පන්දනය නැත්නම් ප්‍රශ්නයක්ද?
Is it a problem if only a yolk sac is seen with no heartbeat?
මට අන්තිමට ඔපස්වීම වුණේ 2016.11.11 . මම 2016.12.12 ලේ පරීක්ෂා කළ විට ප්‍රෙග්නන්ට් වෙලා හිටියෙ නෑ . 2016.12.29 සිට සතියක වගේ කාලයක් යටි බඩේ වේදනාවක් ආවා හවස් වරුවෙ පමණක් .
2017.01.08 ලේ පරීක්ෂාවෙදි පොසිටිව් .
2017.01.10 Scan එකෙන් කිව්වා Pregnancy එක විතරයි තාම පේන්නෙ කියල .
2017.01.15 නැවත Scan කලා . York Sac විතරයි හාර්බීට් නෑ කිව්වා .
මේ වන විට තුන් පාරක් HCG බැලුවා.
01.08 - 1419.2
01.10 - 2769
01.15 - 12570.5
මට දැනගන්න ඕනි ඩොක්ට මගෙ pregnancy එක ප්‍රශ්නයක් නැද්ද ?
එහි වර්ධනයක් තියෙනවද ?
සති කීයක් වෙනවද ? කියල
මීට මාස 6 කට කලින් මට missed miscarage වුණා . මේ මගෙ දෙවෙනි ප්‍රෙග්නන්ට් එක . ඒ නිසා බයයි .
කලින් කී සතියක කාලයෙන් පසු උදරයේ වේදනාවක් ආවෙ නෑ . වෙනත් කිසිදු අපහසුතාවයක් හෝ , රුධිර වහනයක් හෝ නෑ .
රුධිරයේ HCG ප්‍රමානයේ වර්ධනයක් තිබෙන නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලිය යුතුයි. එහි ප්‍රතිඵල අනුව දරුගැබ සජීවීද යන්න තීරණය කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?