Skip to main content
ප්‍රශ්නය

හැම ඔසප් වීමකදීම දරුණු බඩ කැක්කුමක් එන එක සාමාන්‍යද?

Is severe belly pain with every period normal?

වෙදයතුමණි,මම අවිවාහක අයෙකි.මාගේ ඔසප් චක්‍රය සිදු වන්නේ අක්‍රමවත් ලෙසයි.2016 වසරේදී මාස 8 ක් එය සිදු වුනි.එය මාස 2 ක් හෝ මාසයක් සිදු නොවී නැවතත් ක්‍රමවත් ලෙස සිදු වීමට පටන් ගනී.කිසිදු විටෙක එය එක දිගට සිදු නොවේ.තවද මා වැඩි වියට පත් වූයේ අවු:12 වන අතර එය සිදු වුයේද අධික බඩේ අමාරුවක් ඇති වීමෙනි.එදින සිට සෑම ආර්තව දිනයකම මම දැඩි බඩේ අමාරුවකින් පසු උනෙමි.නමුත් ඒ පැය කිහිපයකට පමණි.මම මේ සදහා වෙද්‍යවරයෙකු හමු වූ අතර SCAN පරීක්ෂණයක් ද සිදු කල අතර එහි කිසිදු ගැටළුවක් නොවිය.වෙද්‍යවරයා එය සාමාන්‍ය තත්වයක් යයි පැවසිය.නමුත් තවම මා ඉහත කි රෝග ලක්ෂණ වලින් පෙලෙමි. කාරුණිකව මා හට පිළිතුරක් ලබා දෙන්න.

අසන ලද්දේ: DA*** · වයස 24

මෙය සාමාන්‍ය තත්වයක්. වේදනාව අඩුකර ගැනීමට අවශ්‍යනම් ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි.