නම: වි***� | වයස: 26
ගැටළුව

මාගේ අවසන් ඔසප් වීම සිදුවුනේ 2016-08-27 ඊට පසු ඔසප් නැවතුන නිසා මුත්‍ර පරීක්ෂණ 2 ක් කරා.. ඊට පසු තහවුරු වුනා ගැබ් ගත් බව..මාස සති 8 වුවාට පසු වෛද්‍යවරයෙක් හමුවුනා..ඊට පසු ස්කෑන් පරීක්ෂණයක් කලත් කළලයක් දිස් වුයේ නැහැ...මා මුත්‍රා පිට කිරීමක් කලා දොස්තර මහතා හමුවීමට විනාඩි 10 කට විතර කලින්...දොස්තර මහතා පැවසුයේ කලලය පොඩි නිසා එය දිස්වෙන්න මුත්‍රා නොකර ස්කෑන් පරීක්ෂණය කරන්න ඔනා බවයි..ඊට පසු මා හට නැවත ලබන මාසයේ පැමිණෙන් දිනයක් දුන්නා...ඊයේ මම 2016-11-27 වෛද්‍යවරයා මුනගැසී ස්කෑන් පරීක්ෂණයක් කලත් ඒත් කළලයක් දිස් වූයේ නැහැ..වෛද්‍යවරයා පැවසුයේ කළලය වර්ධනය වෙමින් පවතින නිසා එය පේන්නේ නැති බවයි...මෙය සත්‍යක්ද .. මා මහත් පීඩාවකට පත් වී සිිටියි...මීගමුව රෝහලේ වෛද්‍ය සිසිර කොස්තා වෛද්‍යතුමා තමා මෙසේ පැවසුයේ...මාගේ සැමියාද මහත් අපහසුතාවයට පත්ව සිටියි...ඔහු පවසන්නේ වෙනත් වෛද්‍යවරයෙක් හමුවෙමු කියායි...මාගේ ප්‍රශ්ණ වන්නේ මා වෙනත් වෛද්‍යවරයෙක් හමුවන්න ඕනද...මෙසේ වන්නේ ඇයි....නවලෝක රෝහලෙන් ස්කෑන් පරීක්ෂාව කලේ..

පිළිතුර


ඔබට වේදනාවක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් නොමැති නම් වෛද්‍ය වරයා උපදෙස් දී ඇති පරිදි නැවත ස්කෑන් පරීක්ෂණයකට ලක්වෙන්න. යෝනි මාර්ගය හරහා සිදුකරන ස්කෑන් පරීක්ෂණයකින් මුල් කාලයේ දරුගැබ වඩාත් හොඳින් හඳුනා ගැනීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)