Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූත වේදනා ඇති කරන්න යෝනි මාර්ගයට දාන පෙති මොනවද?

What are the tablets inserted to bring on labour pains?

docter... prasutha wedanawa athi kirimata laba dena yoni margayata athul karana pethi pilibadawa denuwath kala hekidA... godak pin oba thumata

අසන ලද්දේ: an*** · වයස 25

ප්‍රොස්ටගැන්ඩින් කියන ඖෂධය අඩංගු පෙති මේ සඳහා භාවිතා කරන්නේ. එමගින් ගැබ් ගෙල විවෘත වීමත් මෘදු වීමත් සිදු වෙනව. ගර්භාෂය සංකෝචනය වෙන නිසා විටින් විට වේදනාවක්ද ඇති වෙනව. කලාතුරකින් ගර්භාෂය අධික ලෙස සංකෝචනය වෙන විට දරුවාට හානිකර විය හැකි නිසා දරුවාගේ හෘද ස්පන්දනය පරීක්ෂා කර බැලිය හැකි රෝහලක සිට පමණයි මෙම ඖෂධ ලබා ගත යුතු වෙන්නේ.