Skip to main content
ප්‍රශ්නය

IVF එකට යන්න කලින් කරන්න ඕන පරීක්ෂණ මොනවද?

Which tests should be done before going for IVF?

(පිළිතුර :
සියළුම පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය වෙලත් ගැබ් ගැනීමක් සිදු නොවෙන අවස්ථා තිබෙනව. ඒ වගේ වන විට IVF ප්‍රතිකාරයට යොමුවීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඊට පෙර තවදුරටත් පරීක්ෂණ කිරීමට අවශ්‍ය විය හැකියි. ) තව දුරටත් සිදු කල යුතු පරීක්ෂණ මොනවාද? ඒ සදහා මා කුමක් කල යුතුද ?

අසන ලද්දේ: as*** · වයස 24

ඒවා තීරණය වෙන්නේ ඔබ කලින් ලබා ගත් ප්‍රතිකාර සහ පරීක්ෂණ අනුව. IVF සිදු කරන වෛද්‍ය වරයා මේ ගැන තීරණය කරන්නේ. රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය වෙන අතර සමහර විට ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි පරීක්ෂණයක් අවශ්‍ය වෙන්න පුළුවන්.