Skip to main content
ප්‍රශ්නය

ඩිපෝ එන්නතද හෝමෝන තැන්පතුවද වඩා හොඳ? අතුරු ආබාධ මොනවද?

Which is better, the Depo injection or the implant?

Dr palawani baba labunata passa birth control ekak widiyata dipoprovara ekai homona capsule ekai sankulatha monawada doctor wada hoda kumana kramayada

අසන ලද්දේ: Ku*** · වයස 28

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට සමාන ඖෂධයි මෙම ක්‍රම දෙකේම අඩංගු වෙන්නේ. එම නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ වල වෙනසක් නැහැ. ඩිපෝපොවෙරා නික්ෂේපනය මාස තුනකට වරක් ලබා ගත යුතු අතර හෝමෝන තැන්පතු වසර 5ක් දක්වා එකවරක් තැන්තපත් කිරීමෙන් පසු තබා ගත හැකියි. සමහර කාන්තාවන්ට මෙම ඖෂධ ලබා ගන්නා විට අක්‍රමවත් ලෙස රුධිර වහනය සිදුවිය හැකි නමුත් එය වෙනත් ඖෂධ ලබා ගෙන පාලනය කල හැකි තත්වයක්.