Skip to main content
ප්‍රශ්නය

සුද යාම වැඩි වෙන්නේ රෝම ඉවත් කිරීම හෝ ඇඳුම් නිසාද?

Is heavy discharge caused by shaving or tight clothes?

mn A/L karana kenek. mata godak yoniyen shawa pita wenawa kasaneth ne , godak dawas walata panti 1 madi pads adinda wenawa. mn yoniye roma ain karanawa a nisa mehema wenawada? godak welawata denim kalisam adinawa aka balapanawada?

අසන ලද්දේ: ka*** · වයස 18

බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. දිනකට යෝනි මාර්ගයෙන් ස්‍රාව 1-4ml පමන ප්‍රමාණයක් නිපදවෙනවා. මෙම ප්‍රමාණය සමහර කාන්තාවන්ගේ මීට වඩා වැඩි විය හැකියි. එයට රෝම ඉවත් කිරීම හො ඇඳුම් බලපාන්නෙ නැහැ. ඔසප් චක්‍රයේ කාලය සහ හෝමෝන ප්‍රතිකාර මත මෙය තවත් වෙනස් වෙන්න පුළුවන්. කලාතුරකින් යෝනි මාර්ගයේ ආසාදනයන් නිසාත් මෙම රෝග ලක්ෂණ ඇති වන්න පුළුවන්. එවැනි අවස්ථාවක කැසීමක්, ස්‍රාවයෙ ගඳක් හෝ වර්ණය වෙනස් වීමක් ඇති විය හැකියි. ඔබට ආසාදනයක් පිළිබඳ සැකයක් ඇත් නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ගන්න.