Skip to main content
ප්‍රශ්නය

මම මැරි කරලා අවුරුදු 02ක් වෙනවා.මම සම්පුර්ණයෙන් තයිරොයිඩ් එක අයින් කරාලා ඉන්නෙ.අවුරුද්දක් වගේ ඉදන් දරුවෙක් බලාපොරොත්තු වෙනවා ඒත් තවම හරි ගියේ නෑ.සුදයාම රෝගී තත්තවය තියනවා.හස්බන් එක්ක එකතු වෙන්න අමාරුයි.එකතු උනු ගමන් දෙන්නගෙම කසන්න ගන්නවා ආයේ ගොඩ දවසක් යනකම් එකතු වෙන්න බෑ.සුදයාමට බෙහෙත් ගත්තා ඒත් අඩුවක් නෑ.මේ හේතුව නිසා දරු පල ප්‍රමාද වෙනවද.මේකට කරන්න ඕන ප්‍රතිකාර මොනවද

අසන ලද්දේ: ගම*** · වයස 31

සුද යාම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. එක්වීමෙන් පසු දෙදෙනාටම කැසීම ඇති වෙන නිසා දෙදෙනාම ආසාදනයට ප්‍රතිකාර ලබා ගත යුතුයි. අවුරුද්දක් උත්සාහ කලත් ගැබ් නොගත් නිසා දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.