Skip to main content
ප්‍රශ්නය

ගැබිනි මුල් සති වල පැපොල හැදුණොත් බබාට බලපානවද?

Will chickenpox in early pregnancy harm my baby?

මම සතී 5 ගැබිනී මවක් ඩොක්ට මට පැලොල රොගය වැලදුනා.එක මගේ දරුවර බලපයි ද ? මට පැපොල රොගය බො වී දවස් දෙකේන් බේහේත් ගත්තා.

අසන ලද්දේ: Ra*** · වයස 34

ගර්භණී කාලයේ මුල් මාස වල පැපොල වැළඳීමෙන් දරුවාට බලපෑමක් වීමට සුළු අවදානමක් තිබෙනව. නමුත් බොහෝවිට දරුවාට හානියක් වෙන්නෙ නැහැ. මේ ගැන ඔබේ වෛද්‍ය වරයාට දැනුම් දී සති 18 සිට 21 අතර ඇනෝමලි ස්කෑන් පරීක්ෂණය සිදු කර ගන්න. උණ දිගටම පවතීනම් හෝ හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.