Skip to main content
ප්‍රශ්නය

කාරුණික පිලිතුරක් අවශ්‍යයි.(අවිවාහකයි) සාමාන්‍යයෙන් දින 28 ,31 ,32, 33 චක්‍රයක් තියෙන්නේ..ඊට ඩැඩි මිසක් අඩු නෑ..අන්තිමට හැදුනේ මැයි 8 .හොද වුනේ 12 . මැයි 15 ( චක්‍රයේ අට වන දින)හදිසි එකතු වීමක් සිදු වුනා. ජිවිතේ පළවෙනි වතාවට පොස්ටිනෝ 2 (පැය 24ක් ඇතුලත පෙති දෙකම) ගත්තා. හදිසි නිසා...ඉන් දින 6 ට පසු රුධිර වහනයක් තිබුනා දවස් 4 ක් විතර. මෙන්සස් වගේ නෙවෙයි ඊට අඩුවෙන්. අද ජූනි 6 අදට එකතු වෙලා දින 22 ක්. උදෑසන මුත්‍රා පරීක්ෂණ කිහිපයක් කරා.අදත් කරා.නෙගටිව්. මට දැනගන්න ඕනේ මං ගැබ් ගන්න පුළුවන් ද කියලා.. මෙක බිව්ව නිසා මෙන්සස් පරක්කු වෙනවා නේද....ගැබ් ගැනීමේ හැකියාව අඩුද....

අසන ලද්දේ: In*** · වයස 22

නැහැ. ලිංගික එක්වීමෙන් සති තුනකට පසු කරන මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. Postinor ගත් පසු ඔසප් වීම කලින් හෝ ප්‍රමාද වී සිදු වීම සහ ඒ අතර සුළු රුධිර වහනයක් සිදු වීම සාමාන්‍ය තත්වයක්. ඉන් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.