Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පරක්කු වී තද යටි බඩ කැක්කුමත් එක්ක ලේ යන්නේ ඇයි?

Severe lower belly pain and bleeding after a missed period: why?

ඩොක්ටර් මට අවසානෙට පීරියඩ් උනේ අප්‍රේල් 4වෙනිදා.මන් මගේ මහත්තයා එක්ක එකට හිටියේ අප්‍රේල් 17 වෙනිදා.ඊට්පස්සෙ සතියකට වගේ පස්සෙ.මට යටි බඩ වේදනව,කොන්දේ කැක්කුම වගේ ආවා එකදිගටම ,ඊටඊටපස්සේ මට මැයි 1වෙනිදා වමනෙ ගියා.ඊට්පස්සෙ එදා ඉදල මගෙ යටි බඩ මැයි 11s වෙනිද වගේ වෙනකම් එකම විදිහට බඩ පිපිල වගේ තිබුන වේදනාව එකම විදිහට.බඩ චුට්ටක්වත් තදවෙන්න බෑ රිදෙනවා.කකුල් හයියෙන් අඩිය තියන්නවත් අමාරුයි.මහන්සි,කොන්දේ කැක්කුම.සැරින් සැරේට ඇගට උන ගන්නවා.මට ඒ උනාට මැයි 12වෙනිදා ඉස්සෙලම ලා පාටට රුදිරය වහනයක් උනා චුට්ටක් ඊට්පස්සෙ පැය තුනක් වගේ පස්සෙත් චුට්ට චුට්ට තිබ්බ ඒත් ඇදුම් වල ගෑවෙන්න තිබ්බෙ නෑ.ඒත් වෙලා යන්න යන්න වැඩියෙන් රුදිරය වහනය උනා.මෙහෙම වෙන්නෙ ඇයි doctor .

අසන ලද්දේ: S.*** · වයස 22

පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. ඔසප් වීම ප්‍රමාද වී දිගටම පවතින තද යටි බඩේ වේදනාවක් සමග රුධිර වහනයක් ඇති වීම ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක ලක්ෂණයක් විය හැකියි. ප්‍රමාද නොකර රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.