Skip to main content
ප්‍රශ්නය

dr මම ගොඩක් කෙට්ටුයි දැන් වයස 25ක් වෙනවා ඒත් මගෙ පෙනුම අවුරුදු 16ක් වගේ මට සුද යනවා ඒත් මම බෙහෙත් අරගෙන නෑ . මෙහෙම කෙට්ටු වෙලා තියෙන්නෙ සුද යාම නිසාද? තාම විවාහ වෙලා නෑ . සුද යාමට බෙහෙත් ගත්තොත් මම මහත් වෙයිද?

අසන ලද්දේ: ru*** · වයස 25

නැහැ. සුද යාම කෙට්ටු වීමට හේතුවක් නොවෙයි. යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම ස්වභාවික තත්වයක් නිසා කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඒ නිසා ඊට ප්‍රතිකාර කිරීමෙන් බර වැඩි වෙන්නෙත් නැහැ. බර අඩු වීමට වෙනත් හේතුවක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.