Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති පටන් ගත්තට පස්සේ කවදා ඉඳන් එක්වෙන්න පුළුවන්ද?

How soon after starting Mithuri pills is sex safe?

අපි marry කරලා පොඩි දවසක් වෙන්නේ අපිට අවුරුද්දකට විතර දරු උපත් පමා කරන්න ඕනී...මිතුරි ගිලින පෙති ප්‍රශ්නයක් නෑ නේද ..මිතුරි භාවිතා කරන්න පටන් අරන් කොපමණ කාලයකින්ද ලිංගිකව එකතු වෙන්න පුළුවන් වෙන්නේ

අසන ලද්දේ: Im*** · වයස 26

ඔව්. වෙනත් රෝග තත්වයක් නැති නම් මිතුරි පෙති භාවිතා කරන්න පුළුවන්. ඔසප් වීමේ පලමු දින සිට පෙති ආරම්භ කලොත් එදා සිටම ආරක්ෂාව ලැබෙනව. අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද කිරීමට ලූපයක් හෝ හෝමෝන තැන්පතුවක් වඩාත් සුදුසුයි.