Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති බීලා ඔසප් වී පරීක්ෂණ නෙගටිව් නම් ගැබ් ගෙන නැද්ද?

Period on Mithuri pills and negative tests — am I not pregnant?

ජුලි මස 28 ලිංගික එකතු වුණා. අගෝස්තු 05 වෙනිදා මිතුරි පෙති බීම ආරම්භ කලා. ඉන් පසු රතු පෙති බොනකොට මෙන්සස් හැදුණා. එහෙම මිතුරි පෙති බීලා මෙන්සස් හැදුණා කියන්නේ ගැබ් අරන් නෑ කියන එකද?
අගෝස්තු 28 HCG Test එක්ක කලා. ඒක Negative. (10MIU/ML). නැවතත් සැප්තැම්බර් 11 HCG Test එකක් කලා. ඒකත් Negative.(10MIU/ML). මම නැවතත් HCG Test එක්ක කරන්න අවශ්‍ය ද doctor? මම තාම මිතුරි පෙති භාවිතා කරනවා. පළමු මිතුරි පෙති පැකට් එක බීලා මෙන්සස් හැදුනා කියන්නේ ගැබ් ගැනීමක් නෑ නේද?

අසන ලද්දේ: ****

ඔව්. ගැබ් ගෙන නැහැ. ලිංගික එක්වීමෙන් සති 3කට පසු කල පරීක්ෂණ දෙකම නෙගටිව් නිසා නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. පෙති නිසි ලෙස දිගටම ගන්න.