Skip to main content
ප්‍රශ්නය

අපි ලිංගිකව එකතු වෙලා අදට දවස් 5ක්‌ වෙනවා. ලිංගිකව එකතු වෙද්දී කොන්ඩම් බාවිතා කරා. කොන්ඩමය කැදුනා. අපි එය දැනගත් වහාම නැවැත්තුවා. අපිට දැන් බයයි එතුලට සුක්කානු පිට උනාද කියලා. එහෙම දෙයක් වෙලානම් අපිට ගත යුතු කියාමාර්ග මොනවද. අපි තම බෙදලා නෑ

අසන ලද්දේ: ****

ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. හදිසි උපත් පාලන පෙති ලිංගික එක්වීමෙන් පැය 96ක් තුල පමණයි ක්‍රියා කරන්නෙ. ඉන් පසු දින 5ක් ඇතුලත වෛද්‍ය වරයෙකු ලවා තඹ ලූපයක් දමා ගැනීමෙන් ගැබ් ගැනීම වලක්වා ගන්න පුළුවන්. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.