Skip to main content
ප්‍රශ්නය

මම පෙම්වතා සමග ලින්ගිකව එක් වූ පලමු දිනයෙන් පසුව සුදු පැහැති දියරයක් විටින් විට නොනවත්වා ආවා. ඒ සමග සුලු කැසීමක් තිබුනා. ඒ නිසා අදික සැර සහිත සබන් වර්ගයක් යොදාගෙන යෝනි ප්‍රදේශය පිරිසිදු කල අවස්තාවේ යෝනි අවට අදිකව කසන්නට පටන් ගත්තා. මම යෝනි තොල් නිරීක්ෂණය කල වෙලාවේ දැක්කා ඇහැටවත් පේන්නෙ නැති ඉතාමත් කුඩා බිබිලි විශාල ප්‍රමානයක් යෝනි තොල් පුරා පැතිරී ගොස් තිබුනා. මම අතිශය බියට පත් උනා. මේ තත්වය ලින්ගික රෝගයක්ද වෛද්‍ය තුමනි.. විශාල මානසික පීඩනයකින් පෙලෙන නිසා ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

අසන ලද්දේ: Th*** · වයස 20

බොහෝවිට මෙය දිලීර ආසාදනයක් හෝ සැර සබන් නිසා ඇති වූ සමේ අසාත්මිකතාවයක් විය හැකියි. සබන් නොගා වතුරෙන් පමණක් සෝදන්න. ලිංගික රෝගයක්දැයි පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසු නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.