Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මම වයස අවුරුදු 1 දී හදවත් සැත්කමක් (VSD) කර ඇති කෙනෙක්. දැන් එය සම්පූර්ණයෙන්ම සුවයි. මම වසර 2 1/2ක් පමණ මිතුරී උපත් පාලන පෙති භාවිත කළා. නමුත් පෙති භාවිතයේ දී රුධිර පීඩනය වැඩි වූ නිසා භාවිතය නැවැත්වූවා. ඉගෙනීමේ කටයුතු නිසා තවත් වසර 2ක් හෝ 3 ක් යනතුරු දරුවන් සෑදීමට හැකියාවක් නැහැ. කරුණාකර මා හට සුදුසු උපත් පාලන ක්රමයක් යෝජනා කළ හැකිද?

අසන ලද්දේ: ****

රුධිර පීඩනය වැඩි වූ නිසා සංයුක්ත හෝමෝන පෙති නැවත භාවිතා කිරීම සුදුසු නැහැ. අවුරුදු දෙක තුනක් ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට උපත් පාලන ලූපයක් හෝ සම යට තැන්පත් කරන හෝමෝන කරලක් වඩාත් සුදුසුයි. ඒවා ඉවත් කල වහාම සරු බව නැවත ලැබෙනව. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/722-contraceptive-implants.php