Skip to main content
ප්‍රශ්නය

ඔසප් පමා කරන බෙහෙත් ගත්තාම ඊළඟ මාසේ ඔසප් නොවීම සාමාන්‍යද?

Is a missed period normal after taking period-delaying pills?

මං ගිය මාසේ ඔසප් වීම පරක්කු වෙන්න බෙහෙත් ගත්තා බෙහෙත් නතර කරාම ගිය මාසේ 19 මට මෙන්සස් හැදුනා එත් මේ මාසේ තාම හැදුන් නෑ මේකට පිලිතුරක් ඕනා

අසන ලද්දේ: Sa*** · වයස 21

ඔසප් වීම ප්‍රමාද කිරීමට ගන්නා හෝමෝන ඖෂධ නිසා ඊළඟ ඔසප් චක්‍රය වෙනස් වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්. ලිංගික එක්වීමක් සිදු වී ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ.