මාස ගණනක් ඔසප් නොවී පසුව සති ගණනක් ටික ටික ලේ යන්නේ ඇයි?
Why light bleeding for weeks after months with no period?
ඩොක්ට මට මාස පහක් මෙන්සස් උනේ නෑ. හයවෙනි මාසෙ මුල මට මෙන්සස් උනා දවස් අටක් විතර චුට්ට චුට්ට බ්ලඩ් උනේ ඉට පස්සෙ දවස් හතරක් විතර නැවතුනා පස්සෙ ආයෙත් බ්ලඩ් උනා දැං සති දෙකක් විතර වෙනවා බ්ලඩ් වෙනවා ඒකත් චුට්ට චුට්ට ( කලින් මෙන්සස් අක්‍රමවත් වීමට බෙහෙත් ගත්තා මාස හයෙ බේහෙත් කෝස් එකත් කරා ඉට පස්සෙ හැදුනා මාස අටක් වගෙ ආයෙත් කලින් වගේම මාස පහක් හැදුනෙ නෑ ඉට පස්සෙ තමා මුලින් කිව්ව දේ උනේ )
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මාස ගණනක් ඔසප් වීම සිදු නොවී ඉන් පසු සති ගණනක් රුධිර වහනය පැවතීමට බොහෝවිට හේතුව ඩිම්බ නොමේරීම නිසා ඇතිවන හෝමෝන අසමතුලිත බවයි. මෙය හෝමෝන ඖෂධ මගින් පාලනය කල යුතු අතර ශරීරයේ බර වැඩි නම් එය අඩු කර ගැනීම හොඳම ප්‍රතිකාරයයි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?