සුද යාම සමග කැසීම තියෙනවා නම් මොකද කරන්නේ?
What should I do about white discharge with itching?
doctor මං ඉන්නේ විදේශ රටක. විවාහකයි. මට සුද යාමේ තත්වයක් තියෙන අතරම ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කැසීමක් ද පවතිනවා. සමහර දින වල තරමක් තද කැසිමකුත් සමහර දින වලට කිසිම අපහසුතාවයක් නැතුව ද තියනවා. වෙද්‍යා ප්‍රතිකාර ලබා ගත්ත ද මට බෙහෙත් ලබා දුන්නේ urine infection එකක් කියලා. එත් මට urine pass වෙනකොටවත්, යටි බඩ වේදනාවක් වත් ඇත්තේ නැහැ. නමුත් සුද පිටවීමක් සිදු වෙනවා. මං මේ සම්බන්දව නිවැරදි වෙද්‍ය උපදෙස් ලබාගන්න ය යුතු වන්නේ කුමන වෙද්‍ය වරයෙක් වෙතද? මේ තත්වයට ගත හැකි පිළියම් මොනවද?
ස්තුතී
කැසීම සමග සුද යාම බොහෝවිට දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. මුත්‍රා ආසාදනයකට දෙන ඖෂධ මගින් දිලීර ආසාදනයක් සුව වෙන්නෙ නැහැ. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.
මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/1000-vaginal-candidiasis.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?