Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මට කාලෙක ඉදන් හරියට පීරියඩ් හැදෙන්නෙ නැ.ස්කෑන් කරා ගර්භාෂයේ අවුලක් නැ කිව්වා.මිතුරි පෙති දුන්නා කාසල් එකෙන් මාස තුනක් බොන්න කිව්වා මාසයක් වත් බිව්වෙ නැ පීරියඩ් හැදුනා ඒත් අනිත් අය කිව්වා මං පොඩි නිසා බොන්න එපා කියලා ඒවා.මං වඳ වෙයි කියලා.පස්සෙ මම නකර කරා දැන් අන්තිමට පීරියඩ් හැදුනෙ මැයි වල තවම හැදුනෙ නැ. මට බෝයි ෆෙන් කෙනෙක් ඉන්නවා.මට දැන් දවස් දෙකකට කලින් කාපු ඔක්කොම වමනෙ ගියා බඩේ තැනිින් තැන කැක්කුමක් එනවා සැරින් සැරේට.අප්පිරියයි මට කන්න බැරි කමක් නැ වමනෙ යන්න වගේ හැම වෙලේම. හැබැයි මට වමනෙ ගියාම බඩ දැවිල්ල ගත්තා ටිකකින් ගෑස්ට්‍රික් කරල් බිව්වම හරිගියා මම ප්‍රෙග්නට් ද ඩොක්ටර් මට බයයි මොකද මම බැදලා නැ .ලිංගිකව එකතු වෙලා තිබුනත් ශුක්‍රාණු ලිංගික අවයවය තුළට ගිහින් නැ කියලා විශ්වාසයිි.නමුත් ගැබ් ගෙන ඇති ද මට බයයි ඒකයි ඩොක්ටර් .ප්ලීස් ඉක්මනට පිළිතුරු ඕන.

අසන ලද්දේ: දි*** · වයස 21

වමනය වැනි ලක්ෂණ වලින් පමණක් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. එය හරියටම දැන ගන්න පුළුවන් මුත්‍රා පරීක්ෂණයකින් පමණයි. නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. උපත් පාලන පෙති නිසා වඳ භාවය ඇති වෙන්නෙ නැහැ. ඔසප් වීම මාස තුනකට වඩා ප්‍රමාද වෙනව නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.