Skip to main content
ප්‍රශ්නය

Doctor මට අවුරුදු 4ක පුතෙක් ඉන්නවා.පුතා ලැබුනට පස්සේ මම උපත් පාලන ඉන්ජෙක්ෂන් එක් විද්දේ.එක විදින්න තිබුනේ ජුනි 10 එත් මම එක විද්දේ නැ.ජුලි 10 මෙන්සස් හැදුනෙත් නැ.මම අගෝස්තු 1 වෙනිදා යුරින් ටෙස්ට් එකක් කලා එක නෙගටිවි.doctor මම pregnant වෙලා test එකට පෙන්වන්නේ නැතිද?මේකට මොකද කරන්න ඕනා?

අසන ලද්දේ: නි*** · වයස 28

බොහෝවිට නැහැ. උපත් පාලන එන්නත නතර කල පසු ඔසප් වීම නැවත ආරම්භ වීමට මාස කිහිපයක් ගත විය හැකියි. ඔසප් නොවුනොත් සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. එන්නත නොගත් නිසා ගැබ් ගැනීම වැළැක්වීමට වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.