Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන එන්නත නතර කළාට පස්සෙත් ලේ යන එක සාමාන්‍යද?

Is bleeding after stopping the contraceptive injection normal?

මම උපත් පාලන බෙහෙත් අවු 4ක් තිස්සෙ විදිනව ඩොක්ට.හැමදාම බෙහෙත් විදින්න දවස් 20ක් වගේ තියෙද්දි විටින් විට ඔසප් වෙනවා.අප්‍රේල් 28 ඊලග බෙහෙත මම විද්දේ නැහැ.එම බෙහෙත් නැවැත්වීමට.නමුත් ඔසප් වීම නවතින්න නැ ඩොක්ට. 28 දින සිට

අසන ලද්දේ: දේ*** · වයස 30

උපත් පාලන එන්නත ගන්නා කාලයේ සහ එය නතර කල පසු මාස කිහිපයක් දක්වා මෙලෙස අක්‍රමවත් රුධිර වහනයක් ඇති වීම සාමාන්‍ය තත්වයක්. එන්නතේ හෝමෝන සිරුරෙන් ඉවත් වීමට මාස කිහිපයක් ගත වෙනව. අධික ලෙස හෝ සති කිහිපයක් දිගටම රුධිර වහනය වෙනව නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. එන්නත නතර කල නිසා වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.