අනාරක්ෂිත ලිංගික එකතු වීමක් වුවද ශුක්ක්රානු යෝනි මාර්ගයේ තැන්පත් නොවන සේ withdrawal ක්රමය භාවිතා කලද ලිංගික එකතු වීමෙන් දින 9කට පසු එනම් අද දින සුලු වශයෙන් වමනය යෑම සිදුවිය. මෙය ගැබ් ගැනීමක ලක්ෂණයක් ද.? එසේ නම් එය තහවුරු කරගන්නේ කෙසේද.? (දින 9ක් පමණක් ගත වී ඇත) ගැබ් ගැනීමක් නම් එය නැවැත්වීමට ගත හැකි ක්රියා මාර්ග මොනවාද .? ඉක්මනින් පිලිතුරු බලාපොරොත්තු වෙමි.. ස්තුතියි.
නැහැ. ලිංගික එක්වීමෙන් දින 9කට පසු ගර්භණී ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ. ඔසප් වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඉදිරියේදී සුදුසු උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?