පොස්ටිනෝර් ගත්තාට සතියකට පස්සේ ලේ යන එක එහි අතුරු ආබාධයක්ද?
Is bleeding a week after taking Postinor a side effect?
doctor . මම මගේ bf සමඟ එකට හිටියා . නමුත් සංසර්ගයේ යෙදුනේ නැහැ. නමුත් ඔහුගේ ශුක්‍රාණු මගේ ශරිරයේ ගෑවුනා. කෝකටත් කියලා ඒ නිසා මම postinor 2 use කරා . ඒක අරගෙන සතියකට විතර පස්සේ මට රුධිරය වහනය වීමක් සිද්ධ වෙනවා දැන් දවස් 3ක් විතර . ඔසප් උනාම වගේ යටි බඩ වේනනාවක් සැරින් සැරේට දැනෙනවා . නමුත් ඔසප් වූ විට මෙන් එය ප්‍රබල වේදනාවක් නොවේ . රුධිරය වහනය වීමද ඔසප් දින මෙන් නොවේ. සුළු ප්‍රමාණයකුත් නෙවෙයි . සාමාන්‍ය ප්‍රමාණයක් වගේ .. මෙහෙම වෙන්නේ postinor 2 නිසාද? නැත්නම් වෙනත් ප්‍රශ්නයක් විය හැකිද.? මා doctor කෙනෙක් හමුවිය යුතුද? අවසාන වරට ඔසප් වුනේ ගිය මස 23 වෙනිදා . අපි එකට හිටියේ මාර්තු 5. එදාම තමයිි මම postinor use කරේ . සතියකට විතර පස්සේ තමයි මෙහෙම වෙන්න ගත්තේ. ඒක සාමාන්‍යයෙන් postinor වල side effect එකක්ද? Please help me doctor ?
ඔව්. Postinor ගැනීමෙන් පසු සතියක් පමණ ඇතුලත රුධිර වහනයක් සිදු වීම එහි සාමාන්‍ය අතුරු ආබාධයක්. එයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වී නැත්නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. සැකයක් ඇති නම් සති තුනකට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්‍රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්‍යද?Three weeks of bleeding with cramps after Postinor, normal?